Friday, September 20, 2024

General line - 0115112241

වැට් පරද්දන්න බලන් ඉඳී




වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසු එය පරාජය කිරීම සඳහා පක්ෂ භේදයකින් තොරව සියලු ජනතා නියෝජිතයින් ඒකරාශී කරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසනවා.

කොළඹ අද (19) පැවැත් වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.

ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පහතට වැටීම සම්බන්ධයෙන් ද මන්ත‍්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූවා. එහිදී හෙතෙම සඳහන් කළේ රටේ යුද්ධයක් පැවැති සමයේ පටන් 6% ක මට්ටමට උඩින් පවත්වාගෙන ගිය ආර්ථික වර්ධන වේගය යුද්ධයන් නැතිව මේ ආණ්ඩුව 3% දක්වා පහත දමා ඇති බවයි.