Friday, September 20, 2024

General line - 0115112241

‘පැරිස් සම්මුතියට’ ලංකාව කැප වෙයි




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වැනි මහා මණ්ඩල සැසිවාරය ශ‍්‍රී ලංකාවට අතිශය වැදගත් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ පැරිස් සම්මුතිය බලාත්මක කිරීම එහි ප‍්‍රධාන කරුණක් වන බවයි. කාලගුණ විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතිය බලාත්මක කිරීම සහ එම ගිවිසුම ශ්‍රී ලංකාව විසින් තහවුරු කිරීමත් මෙහිදී සිදු කෙරෙනු ඇති.

ජගත් මහාමණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා අමෙරිකාවට පැමිණි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහත් හරසරින් පිළිගනු ලැබුවා.

ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් නිව්යෝර්ක් නුවරට පැමිණි ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබූවේ අමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ප‍්‍රසාද් කාරියවසම් විසින්. මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ පිරිසක්ද එක්ව සිටියා.