Friday, September 20, 2024

General line - 0115112241

ගර්භණී මව්වරුන්ට ‘සීකා’ ගැන උපදෙස්




සීකා වෛරසය පැතිර යමින් තිබෙන රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ගර්භණී මව්වරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කළේ සිංගප්පූරුව, මැලේසියාව, බ‍්‍රසීලය සහ අමෙරිකාවේ ඇතැම් ප‍්‍රදේශවල සීකා වෛරසය පැතිර යමින් තිබෙන බවයි.

රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගෙන ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී ප‍්‍රකාශ කළා.