Friday, September 20, 2024

General line - 0115112241

ඉල්ලීම් ඉටුකිරීමට කාලයක් අවශ්‍යයි – ඩබ්ලිව්.ඩී.ජේ




වැඩ වර්ජනයක නිරත කම්කරු නිලධාරීන් සහ කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න අතර ඊයේ (19) පැවති සාකච්ඡා ද අසාර්ථක වී තිබෙනවා.

පසුව කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ කම්කරු නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් පිළිගත හැකි වුවද ඒවා ඉටු කිරීමට කාලය අවශ්‍ය බවයි.

“මගේ එකඟතාවයක් තියෙනවා. මම ඒවා ඉෂ්ඨ කරන්න මට හැකි හැම දෙයක්මත් මම කරනවා. ගහෙන් ගෙඩි එන්නා වගේ මේවා කරන්න අමාරුයි. ඒ වාර්තා සියල්ල අරගෙන , අදාළ අංශත් සමග සාකච්ඡා කරලා , ඒ වගේම කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කරන්න කාලයක් අවශ්‍යයි. ඒ නිසයි මාස 3ක කාලයක් තිබ්බේ. මේ ගොල්ලෝ හුඟක් හදිස්සි කරන නිසා මාස 3කට අඩු කාලයකදී හරි මට මේ වැඩ ටික ඉවර කරන්න පුළුවන් වුනොත් මම අනිවාර්යයෙන්ම ඒක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා”.

කම්කරු දෙපාර්තමේන්තුවේ ප‍්‍රතිව්‍යුහගත කිරීම් හෝ සේවා ව්‍යවස්ථාවේ සිදුකරන වෙනස්කම් අධ්‍යයනයකින් තොරව හදිසියේ සිදුකළ නොහැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

කම්කරු නිලධාරීන්ට තමන් කෙරෙහි විශ්වාසය තැබිය හැකි බවද එලෙස විශ්වාසදායී ලෙස තමන් කි‍්‍රයාකර ඇතැයි ද අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න මෙහිදී සිහිපත් කළා.