Friday, September 20, 2024

General line - 0115112241

‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ ගැන මේජර් ජනරාල් කමල් ගුණරත්නගෙන් දැනගන්න – අද නෙත් අහන්න




විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් රචිත ‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය පිළිබඳව මේ වන විට බොහෝදෙනාගේ කතා බහට ලක්ව තිබෙනවා. ඒ මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයේ ඉහළ පාඨක අවධානයකට ලක්ව වැඩිම අලෙවියක් සිදු වෙමින් පවතින පොත නිසාවෙනි.එම කෘතිය පිළිබඳව බොහෝ පාඨකයන් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේද ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ අනුව මේ දිනවල වඩාත් කතාබහට ලක්වන ලේඛකයා වන්නේද විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්නයි.

‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය පිළිබඳවත් තවත් කරුණු කාරණා බොහෝමයක් සාකච්ඡා කිරීමට නෙත් එෆ්. එම්. රේඩියෝවේ අද (20) රාත‍්‍රියේ විකාශනය වන අන්ලිමිටඞ් වැඩසටහනට විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න සහභාගී වනවා.

රාත‍්‍රී 7.30 සිට නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන FM 94.8 සහ 95 ඔස්සේ විකාශය කෙරෙනවා.