Friday, September 20, 2024

General line - 0115112241

කුලසේකරගේ රිය අනතුර ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්




ක‍්‍රිකට් ක‍්‍රීඩක නුවන් කුලසේකරගේ වාහනයේ ගැටීමෙන් මියගිය තරුණයාගේ පවුලේ ඥාතීන්ට ශෝකය පළ කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා.

නුවන් කුලසේකර මහනුවර සිට කොළඹට පැමිණෙමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් බස් රථයක් පසුකර යාමට උත්සහ කිරීමේදී පාලනය කරගැනීමට නොහැකි වී නුවන් කුලසේකරගේ වාහනයේ ගැටී ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වැඩිදුරටත් කියා සිටියේ.

පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු නුවන් කුලසේකර පසුව අධිකරණ ඇප මත මුදාහැරුණා.

nuwan-kulasekera-press-release