Sunday, December 22, 2024

General line - 0115112241

යෝෂිත රට යන්න අධිකරණයෙන් අවසර ඉල්ලයි




විදෙස්ගත වීමට අවසර ලබාදෙන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ කොළඹ මහාධිකරණයෙන් අද (20) ඉල්ලීමක් කළා.

කෙසේ වෙතත් ඒ සඳහා හේතුවක් හෝ යාමට බලාපොරොත්තු වන රට පැහැදිලිව ප‍්‍රකාශ කෙරුණේ නැහැ.

ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මගින් ලබන 22 වෙනිදා ඒ පිළිබඳ වැඩිදුර කරුණු දක්වන බවයි කනිෂ්ඨ නීතිඥවරයා කියා සිටියේ.

සී.එස්.එන්. නාලිකාවේ සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතාවන් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ චෝදනා ලබා සිටිනවා.

ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් විදෙස් ගමන් බලපත‍්‍රය අධිකරණය භාරයට ගෙන තිබෙන්නේ ඒ අනුවයි.