Friday, September 20, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයෙන් මැතිවරණ කොමිසමට පෙත්සමක්




ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන හිටපු පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අද (20) මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියා.

ඒ, පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පෙත්සමක් භාරදීම සඳහායි.

එහෙත් සභාපතිවරයා අද කාර්යාලයේ සිට නැහැ. ඒ නිසා සිය පෙත්සම මැතිවරණ කොමිසමේ ලේකම්වරයාට භාරදුන් බවයි හිටපු පළාත් පාලන නියෝජිතයින් කියා සිටියේ.

නැවත හෙට (21) දිනයේ ද මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණෙන බව ඔවුන් වැඩිදුරටත් පැවසුවා.