Friday, September 20, 2024

General line - 0115112241

විසි හත්දහස් හයසීයකට සරසවි වරම්




මීළඟ අධ්‍යයන වාරය සඳහා සිසුන් විසි හත් දහස් හයසිය තුන් දෙනෙකු රාජ්‍ය විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා බව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

2015 උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අනුවයි මෙම බඳවා ගැනීම් සිදුකෙරෙන්නේ. කොළඹ අද (20) පැවැත් වූ මාධ්‍ය හමුවකදී විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා ඒ බව කියා සිටියා.

විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමට සුදුසුකම් ලැබූ සිසුන්ට ඒ බව ලිපියකින් දැනුම් දෙන බව ඉන් අනතුරුව සිසුන් කටයුතු කළ යුතු ආකාරය ද මෙහිදී විස්තර කෙරුණා.

“අද දින සිදුකරන මේ කඩඉම් ලකුණු නිකුත් කරාට පසුව විශ්ව විද්‍යාලයට වරම් ලැබූ දරුවන් සියළුම දෙනාට ලියාපදිංචි තැපෑලෙන් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් දැනුවත් කරනවා ඒ දරුවාට ලැබී තිබෙන විද්‍යාලය සහ ඒ පීඨය එහෙම නැත්නම් ඒ පාඨමාලාව. මේ ලිපිය ගෙදරට ලැබුනාට පසුව මේ දරුවා වැදගත් තීරණයක් ගත යුතු වනවා. ඒ දරුවාට තීරණය කරන්න පුළුවන් ඒ දරුවට ලැබී තිබෙන විශ්ව විද්‍යාලයේ පාඨමාලාවට ලියාපදිංචි වෙනවාද?එහෙම නැත්නම් ආයෙත් උසස්පෙළ විභාගයට මුහුණ දෙනවාද කියන වැදගත් තීරණය”.

විශ්ව විද්‍යාලවලට සිසුන් ලියාපදිංචි කිරීම මෙවර සිදුකෙරෙන්නේ අන්තර්ජාලයෙන් පමණක් බවද මහාචාර්ය මොහාන් ද සිල්වා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා.

කඩඉම් ලකුණු සමග නිකුත් කරන අත් පොතෙහි ඒ පිළිබඳ වැඩිදුර විස්තර සඳහන් වන බවයි ඔහු කියා සිටියේ.