Friday, September 20, 2024

General line - 0115112241

හෙද හෙදියන්ට රෝග බියක්




ඉන්ෆ්ලුවෙන්සා ඒ.එච්.වන් එන්.වන් රෝගයට ප‍්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් රෝහල්වල ප‍්‍රමාණවත් තරම් නැතැයි සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

මේ නිසා වෛද්‍යවරුන් සහ හෙද කාර්යමණ්ඩලය ද මෙම රෝගයට ගොදුරු වීමේ අවදානමක් තිබෙන බවයි එහි සභාපති ගාමිණී කුමාරසිංහ කියා සිටියේ.

මෙවැනි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙන බවද එහෙත් එම උපදෙස් කි‍්‍රයාත්මක වීමේ ක‍්‍රමයක් තවමත් නොමැති බවයි ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.