Sunday, December 22, 2024

General line - 0115112241

රාජ්‍ය පරිපාලනය බාර දෙන්නෙ කොටින්ට තොරතුරු වික්ක සමාගමකටලු




මෙරට රාජ්‍ය පරිපාලන ක්ෂේත‍්‍රයට සම්බන්ධ වී එහි තොරතුරු ලබා ගැනීමට අමෙරිකානු සමාගමකට ආණ්ඩුව අවස්ථාව සලසා දී ඇතැයි ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.

අද (20) පැවති මාධ්‍ය හමුවකට එක් වූ එහි මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් සඳහන් කළේ “අද විදෙස් සමාගමකට උපදේශන මුවාවෙන් රාජ්‍ය පරිපාලනයට ඇඟිලි ගහන්න දීලා. මේකෙන් රාජ්‍ය තොරතුරු කොටි ඩයස්පෝරාවට විකුණන්නත් ඉඩ හැදිලා තියෙනවා.” යනුවෙනි.

අමෙරිකාවේ පවා පිළිනොගන්නා අදාළ සමාගමට ආණ්ඩුව විසින් රුපියල් මිලියන 338 ක මුදලක් ලබාදීමට සූදානම් බව ද මෙහි දී අනාවරණ කෙරුණා.

“කොටි මුදල් ජාවාරම්වලට සම්බන්ධ රාජ් රාජරත්නම්ට මෙම සමාගම තොරතුරු විකුණලා තියෙනවා. ඒ පිළිබඳ තොරතුරු අමෙරිකාවේ හෙළි වෙලා තියෙනවා. රාජ් රාජරත්නම් මුදල් ඇමතිගෙත් ගජ මිතුරෙක්. මේ සමාගමේ ක්‍රියාවලිය තමයි තොරතුරු ලබාගෙන ඒවා අලෙවි කිරීම. එහෙම ජාවාරමක් කරන සමාගමක් මේක.” යනුවෙන්ද සඳහන් කළා.