Friday, September 20, 2024

General line - 0115112241

රැඳවූවන් 23 කගේ දඬුවම් ලිහිල් වෙයි




ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිරදඩුවම් නියම වී සිටින රැඳවූවන් විසිතුන් දෙනෙකුගේ දඬුවම් ලිහිල් කිරීමට නීතිපතිවරයා සමග සාකච්ඡා කළ බව අමාත්‍ය ඞී.එම්. ස්වාමිනාදන් පවසනවා.

අදාළ රැඳවූවන් මාස හයක කාලයක් පුනරුත්තාපනය කර සමාජගත කිරීමට අදහස් කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් රැඳවූවන් 96 දෙනෙකුට මේ වන විට අධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇතැයිද මෙහිදී සඳහන් කෙරුණා.