Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සහ එංගලන්තය විස්සයි විස්සට සූදානම්




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගය සදර්ම්ටන් හි රෝස්බෝල් ක‍්‍රීඩාංගණයේදී අද (05) පැවැත්වෙනවා.

එම තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රී 11.00 ට පමණ ආරම්භ වීමට නියමිතයි. ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ දක්වා පන්දුවාර විස්ස තරග 07 ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 04 ක් ශ‍්‍රී ලංකාව ජයගත් අතර එංගලන්තය තරග 03 ක ජය හිමිකර ගත්තා.

එංගලන්තය මේ වන විට පන්දුවාර විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ පස්වන ස්ථානයේයි. ශ‍්‍රී ලංකාව එම සටහනේ 08 වන ස්ථානයේ පසුවනවා.