Friday, September 20, 2024

General line - 0115112241

වෛද්‍යවරු පැමිණිලි 02 ක් අරන් මානව හිමිකම් කවුන්සිලයට යයි




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිලි 2ක් ඉදිරිපත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වනවා.

එහි සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් කියා සිටියේ ඉසුරුපාය පරිශ‍්‍රයේ විරෝධතාවක යෙදී සිටියදී රෝගී වූ වෛද්‍යවරයෙකු ගිලන් රථයකින් රැගෙන යාම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයින් කරන ප‍්‍රකාශවලට එරෙහිව මෙම එක් පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත සිය දෙවන පැමිණිල්ල ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ආණ්ඩුව වෘත්තීය සමිති මර්දනය කිරීමට කටයුතු කරන බවට සඳහන් කරමින්.