Friday, September 20, 2024

General line - 0115112241

කෘෂිකර්ම අමාත්‍යංශයේ ගොඩනැගිල්ල ගැන ගිණුම් කාරක සභාවේ අවධානය




කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව බත්තරමුල්ල ප‍්‍රදේශයේ හෙක්ටයාරයක පමණ ඉඩමක් තිබියදී එහි ගොඩනැගිල්ලක් ඉදිනොකර රුපියල් අනූපන් කෝටි අසූ ලක්‍ෂයක කුලී පදනමක් මත රාජගිරිය ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලක් ලබාගැනීම පිළිබද රාජ්‍ය ගිණුම් කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.

අද (22)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීමේදී මිළ කමිටුවක් මගින් මිළ ගණන් තීරණය කර නොමැති බවයි.

මෙම වාර්තාවේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු 41 ක් සම්බන්ධයෙන් වන විමර්ශන ඇතුළත්.