Friday, September 20, 2024

General line - 0115112241

හම්බු කැළයේ ගින්නක්(PHOTOS)




හුංගම, කලමැටිය කුරුළු අභය භූමියට යාබද හම්බු කැළයේ ගින්නක් හටගෙන තිබෙනවා.

පස්වරුවේ හටගත් මෙම ගින්න හේතුවෙන් තංගල්ල – හම්බන්තොට මාර්ගයේ වාහන ගමනා ගමනයටද බාධා එල්ල වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

තංගල්ල නගර සභාවේ ගිනි නිවන රථ 2 ක් ගින්න නිවීම සදහා යොදවා තිබෙනවා.

මේ වනවිට ගින්න පැතිරයාම වළක්වා ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.

unnamed-10 unnamed-11 unnamed-12 unnamed-13