Friday, September 20, 2024

General line - 0115112241

‘සාරි නීතියට‘ එක්විය යුතු පුංචි වෙනසක් ගැන ගුරු සේවා සංගමය කියයි




පාසල්වලට පැමිණීමේදී මව්වරුන්ට සාරි ඇඳීම අනිවාර්යය කරමින් පනවා තිබූ රෙගුලාසි ලිහිල් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණය ගුරු සංගම්වල ප්‍රසාදයට ලක්වනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඉකුත් දා කියා සිටියේ සාරි අනිවාර්යය කිරීම වෙනුවට සුදුසු ඇඳුමකින් සැරසී පාසල්වලට පැමිණෙන්නැයි මව්වරුන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ද පැවසුවේ මව්වරුන්ට සාරි අනිවාර්යය කරමින් පනවා තිබූ රෙගුලාසි ලිහිල් කිරීම අගය කරන බවයි. කෙසේ වෙතත් නිකුත් කර ඇති නව චක්‍රලේඛයේ ද නිවැරදි විය යුතු සමහර අඩුපාඩු ඇතැයි ඔහු පෙන්වා දුන්නා.

ඇමතිවරයා පැවසිය යුතුව තිබුණේ සංවර ඇඳුමකින් පාසල වෙත පැමිණෙන ලෙසත්, සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණෙන්නැයි කී විට එය ඕනෑම අයෙකුට ඕනෑම ආකාරයට විග්‍රහ කරගත හැකි බවද ඔහු පැවසුවා.එම නිසා එසේ කළ නොහැකි ලෙස චක්‍ර ලේඛය නිකුත් කිරීම යෝග්‍ය බව ඔහු පැවසුවා.