Monday, April 29, 2024

General line - 0115112241

එළුග තමිල් විරෝධය නිසා උතුරේ කඩ සාප්පු වැසෙයි (PHOTOS)




එළුග තමිල් හෙවත් ‘‘දෙමළ ජනතාවනි නැගිටිව්’’ යන තේමාව යටතේ උතුරු පළාතේ ස්ථාන කිහිපයක මේ වන විට උද්ඝෝෂණ ආරම්භ වී තිබෙනවා.

ඊට සහාය පළ කරමින් වෙළෙඳසැල් බොහෝමයක් ද වසා දමා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පවසන්නේ.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා නායකත්වය දරන දෙමළ මහජන සභාව සංවිධානය විසින් එළුග තමිල් නමැති විරෝධතා වැඩසටහන සංවිධානය කළ අතර එය යාපනය නල්ලූර් කෝවිල අභියසදී හා යාපනය විශ්ව විද්‍යාලය අසලදී ආරම්භ කෙරුණා.

යාපනය නගරයේ කඩ සාප්පු වසාදමා හර්තාල් කරමින් විරෝධතාවයට සහාය පළකරන අයුරු පහත සඳහන් ජායාරූපවලින් දැක්වේ.

jaffna-www-nethnews-lk00001 jaffna-www-nethnews-lk00002 jaffna-www-nethnews-lk00003 jaffna-www-nethnews-lk00004 jaffna-www-nethnews-lk00005 jaffna-www-nethnews-lk00006