Saturday, September 21, 2024

General line - 0115112241

මහින්දානන්ද අලුත්ගමගේට ඇප




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ති‍්‍ර මහින්දානන්ද අලුත්ගමගේ අද ඇප මත මුදාහැරුණා.

ඒ කොළඹ කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටියගේ නියෝගයකට අනුවයි.

එහිදී රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප 4ක් මත ඔහු මුදාහැරීමටයි මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ.

අයථා ලෙස උපයා ගත් මුදල්වලින් දේපළ මිලදී ගත් බව පවසමින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ මන්තී‍්‍රවරයා අත්අඩංගුවට ගැනුනා.

නඩුව අද කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ති‍්‍රවරයා කී‍්‍රඩා අමාත්‍යවරයාව සිටි සමයේදී එම අමාත්‍යංශය යටතේ සිදු කෙරුණු ඉදිකිරීම් ව්‍යාපෘති 40ක් සම්බන්ධයෙත් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බවයි.

එම නිසා ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ.

ඇප ලබාදීමක් සිදුකළහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ලවිය හැකි බවද ඔවුන් පෙන්වා දුන්නා.