Saturday, September 21, 2024

General line - 0115112241

වසර 7කට පසු මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ සිරුර ගොඩගැනේ (VIDEO)




බොරැල්ල පොදු සුසාන භූමියේ මිහිදන් කර ඇති මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දේහය ගොඩගැනිමේ කටයුතු අද (27) උදෑසන සිදු කෙරුණා. ඒ කොළඹ අංක දෙක මහේස්ත‍්‍රාත්වරයාගේ අධික්ෂණය යටතේයි.

දේහය ගොඩගන්නා ලෙස ඉකුත් 8 වැනිදා නියෝග කරනු ලැබුවේ ගල්කිස්ස මහේස්ත‍්‍රාත් මොහොමඩ් සහබ්දීන් විසින්.

කෙසේ වෙතත් බොරැල්ල කනත්ත පරිශ‍්‍රය තුළට ඇතුළුවීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබාදුන්නේ නැහැ.

ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ සිරුර මිහින්දන් කර තිබූ ස්ථානය අවට ප‍්‍රදේශය කළු පැහැති ඉටිකොළවලින් ආවරණය කර තිබුණා.

සිරුර ගොඩගැනීමේ කටයුතු සිදු කෙරෙන අතරවායේදී ඊට ඉහළින් වීඩියෝ කැමරාවක් සහිත ඩ්‍රෝන් යානයක් ගමන් කිරීමත් සමග සිරුර ගොඩගැනීමේ කටයුතු තාවකාලිකව නතර කිරීමට පොලීසිය කටයුතු කළා.

කෙසේ වෙතත් සුළු වේලාවකින් එම කටයුතු යළි ආරම්භ කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ වන විට මළ සිරුර ගොඩගැනීමේ කටයුතු අවසන් කර තිබෙනවා. අස්ථි කොටස් පමණක් අදාළ ස්ථානයේ තිබූ බවයි වාර්තා වන්නේ.

එම අස්ථි කොටස් වැඩිදුර විමර්ශන සඳහා විශේෂ වෛද්‍ය මණ්ඩලයක් හමුවට භාරදීමට නියමිතයි.

2009 වසරේ ජනවාරි මස 8 වැනිදා දෙහිවල අත්තිඩිය පාරේදී නාඳුනන කණ්ඩායමක් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනයට ලක් වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

බොරැල්ල කනත්ත පරිශ‍්‍රය තුළට ඇතුළුවීමට මාධ්‍යවේදීන්ට නොහැකි මන්දැයි නීතීඥ අතුල එස් රණගල මහතා කරුණු පැහැදිලි කළා. එම වීඩීයෝව පහතින් බලන්න

14470529_1241556005904655_1254609158916176978_n 14484857_1241555852571337_1201271905271378563_n 14495529_1241555939237995_643800541492218468_n