Saturday, September 21, 2024

General line - 0115112241

රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත‍්‍රය අත්හිටුවයි




බීමතින් රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර සිටි කි‍්‍රකට් කී‍්‍රඩක රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා. ඒ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරියගේ නියෝගයකට අනුවයි.

චෝදනා 5ක් යටතේ කුරුඳුවත්ත පොලිසිය රමිත් රඹුක්වැල්ලට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

නොසැලකිලිමත් රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම, බීමත්ව රිය ධාවනය, ලියාපදිංචි නොකරන ලද වාහනයක් ධාවනය කිරීම සහ ව්‍යාජ අංක තහඩු යොදා වාහනයක් ධාවනය කිරීම එම චෝදනා වනවා.

මෙහිදී නොසැලිකිලිමත් ලෙස රිය ධාවනය සහ අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා රමිත් රඹුක්වැල්ල විසින් පිළිගත් අතර අනෙක් චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව ඔහු ප‍්‍රකාශ කළා.

ඔක්තෝබර් මස 18 වැනිදා නඩුව යළි කැඳවීමට නියමිතයි.