Saturday, September 21, 2024

General line - 0115112241

හිටපු ජනපතිගෙන් හෙළිදරව්වක්




ව්‍යවස්ථා සංශෝධනයක් හරහා උතුරු සහ නැගෙනහිර යළි එ්කාබද්ධ කිරීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ගිලිහී යමින් පවතින බලය රැක ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව මෙම පියවර අනුගමනය කරමින් සිටින බවයි.

“උතුරයි නැගෙනහිරයි කියන පළාත් සභා දෙක එක්කහුකිරීමේ වැඩපිළිවෙලක් අද මේ ආණ්ඩුව කටයුකු කරන්න හදනවා. ව්‍යවස්ථාව වෙනස් කරලා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි කියලා සීනී ටික තවරලා අපිට වහ කුප්පියත් දෙනවා වස ගුලියක්. අපිට දැන් පරිස්සම් වෙන්න වෙලා තියෙනවා. මේ නැගෙනහිර උතුරට එක්කහුවුනොත් මොකද වෙන්නේ. පළාත් සභාව පාලනය කරන්නේ කිළිනොච්චියෙන්. අද මේ පළාත් සභා මන්ත්‍රීවරු ඉන්නවා. එයාලට පළාත් සභාවට යන්න වෙන්නේ. කිළිනොච්චියට හරි යාපනයට හරි. උතුර නැගෙනහිර එක්කහු කරන්න වෙන් වෙලා තිබෙන පළාත් සභා දෙක මෙයාලට ඕන වෙලා තිබෙනවා. ඇයි මේ නැතිවී යන ආධිපත්‍ය නැවත ලබාගන්න. ඔතනින් නැවතෙන්නේ නැහැ”.

ව්‍යවස්ථාව මුවාවෙන් රට දෙකඩ කිරීමට උත්සහ කරන්නේ නම් ඊට එරෙහිව ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව හිටපු ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.
මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ අම්පාර ප‍්‍රදේශයේ ඊයේ (26) පැවති ජන හමුවකදීයි.