Thursday, May 9, 2024

General line - 0115112241

කුලියාපිටියේ වොක්ස්වැගන් කම්හලෙන් නිපදවීමට නියමිත වාහන මෙන්න



කුලියාපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත වොක්ස්වැගන් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව සඳහා රජයේ ඉඩම් ලබා දීම ළඟදීම සිදුවන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා.

 

ඒ සඳහා අවබෝධතා ගිවිසුමට ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසුරිය මහතා සහ වොක්ස්වැගන් ශ්‍රී ලංකා නියෝජිත සෙනොක් ඔටෝමොබයිල් සමාගමේ සභාපති නොයෙල් සෙල්වනායගම් මහතා අත්සන් තැබීමට නියමිතයි.

 

මෙම සමාගම මගින් එන්ජින් ධාරිතාව 1000 සහ 2000 වර්ගයට අයත් ඩීසල් වාහන එකලස් කිරීමට නියමිතයි.

 

passenger cars, Sport Utility Vehicles (SUV), Multi Utility Vehicles (MUV) ආදිය මෙහිදී එකලස් කරන බවයි ලංකා ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.