Saturday, September 21, 2024

General line - 0115112241

ඇමති එකඟ වෙයි – සටන අතහරී




දින 21ක් පුරා කළ වැඩවර්ජනය අවසන් කිරීමට රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට  (28) සිට සියලුම කම්කරු නිලධාරීන් සේවයට වාර්තා කරන බවයි ඔවුන් කියා සිටියේ.

කම්කරු සබඳතා සේවා ව්‍යවස්ථාවට කැබිනට් අනුමැතිය ලබාගැනීම සඳහා වන කැබිනට් පත‍්‍රිකාව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත අද (27) ඉදිරිපත් කර තිබෙනවා.

කම්කරු සබඳතා සේවා ව්‍යවස්ථාව සම්බන්ධ ඉදිරි කටයුතු මාස 3ක් ඇතුළත අවසන් කිරීමට ද අමාත්‍යවරයා එකඟ වූ බවයි රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ. වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළේ මෙම කරුණු සැලකිල්ලට ගනිමින් බවද ඔවුන් පැවසුවා.