Tuesday, April 23, 2024

General line - 0115112241

‘බ්ලේඞ් රනර්’ ට වසර 06 ක සිරදඬුවම්




දකුණු අප‍්‍රිකානු ධාවන ශූර ඔස්කාර් පිස්ටෝරියස් හට වසර 06 ක සිරදඬුවමක් අද (06) නියම කෙරුණා.

ඒ, 2013 වසරේදී සිය පෙම්වතිය ඝාතනය කිරීමේ චෝදනාවටයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිරදඬුවමට අදාළව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔස්කා පිස්ටෝරියස් හට අවස්ථාව ද පවතින බවයි.

දෙපා නොමැතිව කෘතිම පාද 2 ක ආධාරයෙන් 2012 වසරේ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට තරග වැදීම හේතුවෙන් ඔහු ලොව පුරා දැඩි කතාබහකට ලක්වුණා. ‘බ්ලේඞ් රනර්’ යන අන්වර්ථ නාමයෙන් ඔහු 2005 වසරේ පැවති පැරා ඔලිම්පික් තරගාවලියේදී මීටර් 100 සහ 200 ඉසව්වලින් රන් පදක්කම් දිනාගත්තා.