Saturday, September 21, 2024

General line - 0115112241

මාධ්‍ය කෙතරම් යහපත්ද යන්න ජනතාව තීන්දු කරයි




අධ්‍යාත්මික සංවර්ධනය තුළින් යහපත් සමාජයක් ගොඩ නැගීමේදී තමන් විසින් කළයුතුදෑ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළයුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ බොහෝ දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ටද මෙය අමතක වන බවයි. තොරතුරු දැන ගැනීමේ පනත පිළිබද ජාත්‍යන්තර සමුළුවට කොළඹදී අද (28) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබද පනත් කෙටුම්පත සකී‍්‍රයව කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වුවා. මාධ්‍යතුළින් අප දකින දේ තුළ මාධ්‍ය කෙතරම් යහපත්ද යන්න පිළිබඳව ජනතාව තීන්දු කරනු ඇතැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී පැවසුවා.