Saturday, September 21, 2024

General line - 0115112241

අඹු-සැමි යුවලට බඹරු අනී – සැමියා මරුට




බඹර ප‍්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 50 ක පමණ පුද්ගලයෙක්.

ඔහුගේ බිරිඳ ද බඹර ප‍්‍රහාරයට ලක්ව තුවාල ලබා තිබෙනවා. හපුතලේ දඹේතැන්න ප‍්‍රදේශයේදී මෙම බඔර ප්‍රහාරය සිදුව තිබෙනවා.

ඔවුන් මෙම බඹර ප‍්‍රහාරයට ලක්ව ඇත්තේ අද (28) උදෑසන ලඳු කැලෑවක දර කැඩීමට ගිය අවස්ථාවේදීයි. තුවාල ලැබූ බිරිඳ මේ වන විට දියතලාව රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.