Saturday, September 21, 2024

General line - 0115112241

ජයන්ත සමරවීර බන්ධනාගාරයේදී අසනීප වෙයි (UPDATE)




රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ජයන්ත සමරවීර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බන්ධනාගාරයට රැගෙන පැමිණි අවස්ථාවේදී පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණා.

 


ජයන්ත සමරවීර රිමාන්ඩ්

(Sep 28, 2016 @ 17:54)

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් ලබන 05 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබ තිබෙනවා.

රජයේ වාහන අවභාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පොලිස් මුල්‍ය විමර්ශන ඒකකය ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කළා.


ජයන්ත සමරවීර අත්අඩංගුවට

(Sep 28, 2016 @ 15:54)

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඉකුත් කාලසීමාවේදී ජානාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අවභාවිතා කිරීමේ චෝදනා යටතේයි.

z_p06-divisive-u