Saturday, September 21, 2024

General line - 0115112241

දොස්තරලා ගුටිකෙළගනී




ළමා රෝහලක රෝහල් අධ්‍යක්ෂකවරයෙකු සහ එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු අතර ගුටි බැට හුවමාරුවක් සිදුකරගෙන ඇතැයි වාර්තා වෙනවා.

සිද්ධියෙන් පසු දෙදෙනාම පේරාදෙණිය පොලීසියට පැමිණිලි කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ. පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ අධ්‍යක්ෂ ඩී.ආර්.එච්. හේරත් සහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු වන ආර්. පල්ලාවෙල අතරයි මෙම ඇති වී තිබුණේ.

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ රථගාලේ වාහන නතර කිරීමේදී එක් වෛද්‍යවරයකුගේ මෝටර් රථය මගින් අනෙක් වෛද්‍යවරයාගේ මෝටර් රථය අවහිර වීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි මෙම ගුටි බැට හුවමාරුව සිදුව ඇත්තේ.