Saturday, September 21, 2024

General line - 0115112241

ජනතා විමුක්ති පෙරමුණ “මහජන පෙරමුණක්” ලෙස සූදානම් කෙරේ




ආණ්ඩුව පෙරළා දැමිය හැකි පුළුල් පෙරමුණක් බිහි කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පැවසුවේ වසර 2020 වනවිට එම පුළුල් පෙරමුණ බිහි කෙරෙන බවයි.

අම්පාරේ පැවති ජනහමුවකට සහභාගි වෙමින් අනුර කුමාර දිසානායක මන්තී‍්‍රවරයා එම අදහස් පළ කළා.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ  “මේක ජනතා විමුක්ති පෙරමුණ විදිහටම නෙමෙයි..පක්ෂ, පුද්ගලයන්, සංවිධාන.. ගණනාවක් එක් වෙලා මහජන පෙරමුණක් ලෙස ඉදිරියට එයි. අපි දැන් විශ්ව විද්‍යාල ආචාර්යවරු සමග කතා කරලා තියෙනවා.. නීතිඥ සංගම් හමුවෙලා තියෙනවා.. පොලිසියේ නිලධාරීන් එක්ක සාකච්ඡා කරමින් තිබෙනවා…” යනුවෙනි.