Saturday, September 21, 2024

General line - 0115112241

“වෙනස් තීන්දුවක් දුන් විනිසුරුගේ දුරකතනය ‘ටැප්’ කළ අය සොයන්න”




මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්නගේ දුරකතනයට රහසිගතව සවන්දිය හැකි උපකරණ සවිකර ඇත්දැයි වහාම විමර්ශනයක් කළයුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර සිසිර ජයකොඩි පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඒකාබද්ධ විපක්‍ෂය කොළඹ අද (28) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

එහිදී හෙතෙම සඳහන් කළේ “ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය තමයි කියන්නේ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්නගේ දුරකතනයට රහසිගතව සවන්දිය හැකි උපකරණ සවිකරලා තියෙනවයි කියලා. ඉතින් ඒ නිසා මේ පිළිබඳව පරීක්ෂණයක් රටට අවශ්‍යයි.” යනුවෙනි.

මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න, භාරත ලක්‍ෂ්මන් ඝාතන නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කළ ති‍්‍රපුද්ගල විනිසුරු මණ්ඩලයේ සභාපතිවරයාද වුණා. අනෙක් විනිසුරුවරුන් දෙදෙනාට පටහැනිව විත්තිකාර දුමින්ද සිල්වා ඇතුළු සියලු දෙනා එම නඩුවේ චෝදනාවලින් නිදොස් කර නිදහස් කළයුතු බවට ප‍්‍රකාශ කළේද ඔහුයි.