Saturday, September 21, 2024

General line - 0115112241

උතුරු මහඇමතිට විමලුත් පිළිතුරු දෙයි




බස්වල සහ දුම්රියවල බෝම්බ පිපිරෙන යුගයක් නැවත උදාවෙමින් ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ පවසනවා.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඉකුත්දා කළ ජාතිවාදී ප‍්‍රකාශද ඊට ඉගියක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒකාබද්ධ විපක්‍ෂය කොළඹ අද (28) පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම අදහස් පළ වුණා.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “විග්නේෂ්වරන් විසින් සිංහලයා සතුරෙකු.. වෛරී පුද්ගලයෙකු හැටියටත් බුද්ධ චීවරය පිළිකුල් කටයුතු දෙයක් හැටියට කල්පනා කරන මානසික තත්ත්වයකට නැවත දෙමළ ජනතාව ඇදගෙන යනවා. ආණ්ඩුව ඒ ව්‍යාපෘතියට සම්පූර්ණ නිදහස දීලා තියෙනවා.” යනුවෙනි.