Saturday, September 21, 2024

General line - 0115112241

ඩයිනමයිට් ගහපු මාළුත් පෑලියගොඩ විකිණෙයි




ඩයිනමයිට් යොදා මරණ ලද මසුන් ද පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළද පොළට ගෙන එන බවට තොරතුරු ලැබී තිබෙනවා.

මසුන් ඇල්ලීම සදහා ඇමට යොදන මසුන්ද ඇතැම්විට මාළු වශයෙන් අලෙවි කරන බවත් අනාවරණය වී ඇති බවයි ධීවර අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

මෙය පාරිභෝගිකයන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ නිසා නීතිවිරෝධි ධීවර ක‍්‍රම වළක්වාලීමට තවදුරටත් දැඩිව පියවර ගන්නා බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.