Saturday, September 21, 2024

General line - 0115112241

ඇමති අලගියවන්න කණස්සල්ලෙන්




රාජ්‍ය ගිණුම්කාරක සභාව මගින් දූෂණ සහ අක්‍රමිකතා හෙළි කර ඇති ආයතන සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් ආයතන අවස්ථා කිහිපයකදීම විමර්ශන සඳහා රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි.

රාජ්‍ය ආයතන කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම්කාරක සභාව සකස් කළ වාර්තාව ඉකුත්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.