Saturday, September 21, 2024

General line - 0115112241

හිටපු ක්‍රිකට් ක්‍රීඩක හැලඹගේ ඝාතනයේ මහමොළකරු කොටුවෙයි




අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු මෙන්ම ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ද වූ ප්‍රේමසිරි හැලඹගේ මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ඒ, හික්කඩුව ප්‍රදේශයේදීයි. සැකකරුවන් සතුව තිබී ටී56 වර්ගයේ ගිනිඅවියක් සහ පිස්තෝලයක් ද සොයා ගැනුණා.

මෙම ඝාතනය සිදුවූයේ ඉකුත් අගෝ්ස්තු මස 12 වනදා රාත්‍රියේයි.

ඔහුගේ නිවස ආසන්නයට සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.

ඉන් ප්‍රේමසිරි හැලඹගේ මහතාගේ 12 හැවිරිදි පුත්‍රයාද තුවාල ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් සිදුකෙරෙනවා. ඔහු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.