Saturday, September 21, 2024

General line - 0115112241

අගමැති අද නවසීලන්තයට




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද නවසීලන්තයේ සංචාරයකට එක්වනවා.

එය මෙරට අග්‍රාමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදුකරන ප්‍රථම නිල සංචාරයයි.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජොන් කී ගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වනවා.

එහිදී අග්‍රාමාත්‍යවරයා වෙළද ෙක‍ෂ්ත්‍රය, කලාපීය ආර්ථීකය සහ ආරක‍ෂාව සම්බන්ධයෙන් වූ ද්විපාර්ශවික සාකච්ඡා කිහිපයකට සහභාගිවීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම සංචාරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් එරට අග්‍රාමාත්‍ය ජොන් කී ප්‍රකාශ කර තිබුණේ දෙරට අතර දීර්ඝ කාලීන මිතුදම තහවුරු කිරීමට මෙය අවස්ථාවක් වනු ඇති බවයි.