Thursday, March 28, 2024

General line - 0115112241

ක්‍රිකට් සභාපති කණ්ඩායමට ඇඟිල්ල දිගුකරයි




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ වෘත්තීමයභාවය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා.

එහි සභාපති තිලංග සුමතිපාල මහතා කොළඹ අද (06) පැවැත් වූ මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඉකුත් එංගලන්ත සංචාරයේදී දැක්වූ දක්ෂතා පිළිබඳව ද සෑහීමකට පත්විය නොහැකි බවයි තිලංග සුමතිපාල මහතා මෙහිදී කියා සිටියේ.

පන්දුවට පහරදීම සම්බන්ධයෙන් කිසියම් වර්ධනයක් පෙන්නුම් කළ ද පන්දු යැවීම සහ පන්දු රැකීීම යන අංශවලින් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තවමත් ඇත්තේ පසුබෑමක් බව ඔහු පෙන්වා දුන්නා.