Saturday, September 21, 2024

General line - 0115112241

රණවිරුවන් වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධානයක් ස්ථාපිත කිරීමේ යෝජනාවක්




රණවිරුවන්ගේ යහපත උදෙසා කි‍්‍රයාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් ස්ථාපිත කිරීමට සියලු දෙනා සමග එක්ව ඉදිරියේදී කි‍්‍රයාකරන බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා.

එහි සාමාජික පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මේ බව කියාසිටියේ රණවිරු මේජර් විමල් වික‍්‍රමගේ වෙනුවෙන් එකතු කරන ලද ආධාර මුදලක් ඔහුට පරිත්‍යාග කිරීම වෙනුවෙන් ඊයේ (29) පැවති උත්සවයකදීයි.

“මේ එන ක්‍රමය අනුව , මෙහෙම එකතුකරලා ඉවරවෙලා පුදන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇතිවෙන්නැහැ. විවිද රාජ්‍ය නොවන සංවිධාන තියෙනවා , අලි ඇතුන් වෙනුවෙන් සංවිධාන තියෙනවා , බල්ලො , බළල්ලු වෙනුවෙන් සංවිධාන තියෙනවා. හැබැයි රටක් බේරගත්තු රණවිරුවන් සඳහා වෙන රාජ්‍ය නොවන සංවිධානයක් නැහැ. ඒ නිසා අපි නීත්‍යානූකූල ආකාරයෙන් ගෞරවණීය මහා සංඝරත්නය ජාතියේ පෙරගමන්කරුවො ලෙස ඔබතුමන්ලාගේ ආශිර්වාදයෙන් , මගපෙන්වීමෙන් නීත්‍යානූකූල ආකාරයකට අපි සියලුදෙනාගේ දායකත්වයෙන් මේ රණවිරුවන් ආරක්ෂක පදනමක් ඇතිකරලා හරි අනිත් රණවිරුවොත් රට වෙනුවෙන් කරපු සේවයේදී ඔවුන් අතරමන් නොකර ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වෙනවැයි කියන එක පොරොන්දු වෙනවා”.

මේජර් විමල් වික‍්‍රමගේ රණවිරුවාට සහන සැලසීම සදහා පළමුව ඉදිරිපත් වූ නෙත් එෆ් එම් රේඩියෝවද මෙහිදී පැසසුමට ලක් වුණා.

මේජර් විමල් වික‍්‍රමගේද මෙහිදී අදහස් පළ කළා. එම හඬපටය පහතින් අහන්න