Saturday, September 21, 2024

General line - 0115112241

චීන මිතුදම ගැන ජනපතිගෙන් ප‍්‍රකාශයක්




ඓතිහාසික මිතුදමකට හිමිකම් කියන ශී‍්‍ර ලංකාව සහ චීනය අතර මිත‍්‍රත්වය දිනෙන් දින ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යාමට වත්මන් රජය කැපවී සිටින බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

67 වන චීන ජාතික දින සැමරුම හා චීන – ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව සංගමයට වසර 35 ක් පිරීම නිමිත්තෙන් සංවිධාන කළ විශේෂ සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.

“චීනය සහ ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිත්‍රත්වය වසර දහස් ගණනක් ඈත අතීතයට යොමුවෙනවා. පාහියන් භික්ෂූන් වහන්සේගේ ශ්‍රී ලංකා ගමන අපි කවුරුත් චීනය සහ ශ්‍රී ලංකාව අතරේ ඓතිහාසික තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී ඉතා වැදගත් ඉතිහාසයේ මතක සටහන් බව අප කාටත් අමතක කළහැකි දෙයක් නොවෙයි. ඒ නිසා එවැනි දිර්ඝ කාලීන මිත්‍රත්වයක් අප දෙරටේ තිබූ බව අපට කිසිවිටකත් අමතක කළ නොහැකියි. ඒ නිසා ඒ අතීතයේ අත්දැකීම් , මතකසටහන් සහ ඒ සියලු කාර්යභාරයන් පිළිබඳව අපි අතීත ආවර්ජනය නැත්නම් ආපසු බැලීම් ඒ සියල්ල සමාලෝචනය කිරීමේදී අද මෙන්ම හෙට දවසේ අන්තර්ජාතික වශයෙන් සහ අපේ රටේ ආර්ථික සංවර්ධනය සඳහා මූලික වශයෙන්ම මේ සම්බන්ධතා තව තවත් ශක්තිමත් කරගැනීම අවශ්‍යයි”.

මෙරට සුවිශේෂි සන්ධිස්ථානවලදී චීනය ලබාදුන් සහායද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.

“මේ රටේ සාමය ඇතිකරන්න , එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් යුදමය වශයෙන් පරාජය කරන්න චීන රජය අපට ලබාදුන් දායකත්වය සහ ශක්තිය කිසිවිටකත් ශ්‍රී ලංකා රජය සහ මේ රටේ සෑම පුරවැසියෙකුම අමතක කිරීමට පුළුවන් කමක් නැහැ. අපේ රටේ සංවර්ධනයට අභ්‍යන්තර වශයෙන් චීන රජයෙන් ලැබෙන ඒ අනුග්‍රහය , ආධාර , ප්‍රධානයන් සහ සහයෝගය වගේම පසුගිය දශක කිහිපය තුළ අන්තර්ජාතික කටයුතුවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඒ වගේම ආසියාතික සම්බන්ධතා තුළ ඒ වගේම කළාපීය වශයෙන් ගත්විට ඇතිවූ විවිධ ගැටළු සහ ප්‍රශ්ණ තුළ මේ සැමවිටම චීනය අප වෙනුවෙන් පෙනී සිටි අපේ ඉතාම මිත්‍රශීලී , සුහදශීලී රාජ්‍යයක් විදිහට අපට කිසිසේත් අමතක කරන්න පුළුවන් කමක් නැහැ”.

2-3