Saturday, September 21, 2024

General line - 0115112241

අලුත් බන්ධනාගාර නියාමකවරුන් පිරිසකගේ ගමන් මළු උස්සයි




වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ නේවාසිකව සිටි නවක බන්ධනාගාර නියාමකවරුන් පිරිසකගේ ගමන් මළු රැඳවියන් පිරිසක් ලවා ඉන් ඉවත් කිරීමේ සිද්ධියක් නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ නේවාසිකව රැඳී සිටින නවක බන්ධනාගාර නියාමකවරුන් දැනුවත් නොකර ඔවුන්ගේ ගමන් මළු ඉන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

මීට මාස තුනකට පමණ පෙර වැලිකඩ බන්ධනාගාර තනිකඩ නිල නිවාසයෙහි නවක බන්ධනාගාර නියාමකවරුන් පිරිසකට ජේ්‍යෂ්ඨ බන්ධනාගාර නියාමකවරුන් පිරිසක් විසින් නවක වදය දී තිබුණා.

ඉන්පසු බන්ධනාගාර පරිපාලනය තීරණය කළේ නවක වදයට ලක්වූ පිරිස වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ නේවාසික පහසුකම් ලබාදීමටයි.

ඊයේ (29) දිනයේ ඔවුන්ගේ ගමන් මළු ඉවත් කිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කළ අතර ඔහු පැවසුවේ ඒ පිළිබඳ සොයා බලන බවයි.

පසුව කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ නේවාසිකාගාරයෙන් පිටතට ගැණුනු බන්ධනාගාර නිලධාරීන්ගේ ගමන් මළු රැඳවියන් ලවා නැවත තිබූ ස්ථානයටම ගෙනවිත් දමා ඇති බවයි.