Saturday, December 21, 2024

General line - 0115112241

උදයංගට රතු වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප‍්‍රතික්‍ෂේප කරයි




රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තුවක් නිකුත් කරන ලෙස කෙරුණු ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න අද (30) ප‍්‍රතික්‍ෂේප කළා.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය උදයංග වීරතුංගට රතු වරෙන්තු නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට මිග් යානා 7 ක් මිළදි ගැනීමේදී සිදුවී ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව පවසමින්.

එහෙත් උදයංග වීරතුංග අදාළ නඩුවේ මෙතෙක් සැකකරුවෙකු නොවන බැවින් ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට පමණක් ජාත්‍යන්තර පොලීසිය හරහා වරෙන්තුවක් නිකුත් කළ නොහැකි බව මහේස්ත‍්‍රාත්වරිය මෙහිදී ප‍්‍රකාශ කළා.