Saturday, September 21, 2024

General line - 0115112241

රැකියා සඳහා රට යන අයට ඉංග්‍රීසි අනිවාර්ය වෙයි!




2018 වසරේ සිට රැකියා සඳහා විදේශ ගත වන සියලුම පුද්ගලයන් සදහා ඉංගී‍්‍රසි දැනීම අනිවාර්ය කිරීමට බලාපොරොත්තු වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ පවසනවා.

මේ වනවිටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විදේශගත වන පුද්ගලයන් සදහා ඉංගී‍්‍රසි පාඨමාලා ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරිය පෙන්වා දුන්නේ.

මෙම වසරේ පළමු මාස 8 තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශය අමෙරිකානු ඩොලර් මිලියන 200 ක වාර්තාගත ආදායමක් උපයා ඇති බවද තලතා අතුකෝරළ අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.