Saturday, September 21, 2024

General line - 0115112241

ඇසිදිසි කි‍්‍රකට් තරගාවලියේදී නෙත්. එෆ්. එම් පළමු ජය ලබයි




ඇසිදිසි කි‍්‍රකට් තරගාවලියේ සහභාගි වූ පළමු තරගය ලකුණු 59 කින් ජය ගැනීමට නෙත් එෆ් එම් කණ්ඩායම අද (30) දහවල් සමත් වුණා. ඒ, උපාලි පුවත්පත් කණ්ඩායම පරාජය කරමින්.

කාසියේ වාසිය හිමිකරගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් නෙත් එෆ් එම් කණ්ඩායම නියමිත පන්දුවාර 8 තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 143 ක් රැස් කළා.

සුරේෂ් නන්දන නොදැවී ලකුණු 111 යි. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ උපාලි පුවත්පත් කණ්ඩායමට නියමිත පන්දුවාර 8 තුළ කඩුළු 9 ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 84 ක් පමණයි.

පන්දු යැවීමේදී තරිඳු සඳරුවන් සහ රන්දික මධුසංඛ කඩුළු 3 බැගින් බිඳ හෙළනු ලැබුවා.