Saturday, September 21, 2024

General line - 0115112241

රටට පදක්කමක් දිනා පැමිණ ශූරියට පැය විසි හතරෙන් කෙණහිලිකම් – ජාතික ක්‍රීඩා උළෙලේ කඳුල රජ යයි




මෙවර වියට්නාමයේ පැවති ආසියානු වෙරළ කී‍්‍රඩා උළෙලේ දී බීච් කබඩි ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම් හිටපු නායිකා මධූෂානී චතුරිකාට මෙවර 42 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලේ බීච් කබඩි කාන්තා ඉසව්වට එක්වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඇය ආසියානු වෙරළ කී‍්‍රඩා උළෙලට සහභාගි වී දිවයිනට පැමිණ ඇත්තේ අද (30)අලුයමයි.

ගමන් වෙහෙසද නොතකා ඇය අද දහවල් යාපනයට පැමිණීයේ බස්නාහිර පළාතට රන් පදක්කම දිනා දීමේ අරමුණින්.

28 වැනිදා පැවැති කී‍්‍රඩක ලියාපදිංචියේදී බස්නාහිර පළාත් කාන්තා කබඩි කණ්ඩායමට කී‍්‍රඩකයින් හයදෙනෙකු නම් කරන ලෙස තරග සංවිධායකයින් දන්වා තිබුණා.

කෙසේ වෙතත් අනෙක් පළාත් කී‍්‍රඩකයින් 4 ක් හෝ 5ක් යොදමින් ලියාපදිංචිය සිදු කර තිබෙන්නේ ආසියානු වෙරළ කී‍්‍රඩා උළෙලට එක් වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඊට ඇතුළත් කිරීමේ අරමුණින්.

තරග සංවිධායකයින් ආසියානු වෙරළ කී‍්‍රඩා උළෙලට සහභාගි වූ ජාතික කණ්ඩායමේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අනෙකුත් පළාත් කණ්ඩායම්වලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත්තේ මදුෂානි චතුරිකාට අසාධාරණයක් සිදු කරමින්.

මේ පිළිබද බස්නාහිර පළාත් කාන්තා කබඩි කණ්ඩායමේ පුහුණුකාරිිනී ඩබ්ලිව්.කේ. පත්මලතා වගකිවයුත්තන් දැනුවත් කළද ඊට විසදුමක් ලැබී නැහැ.

තරග සංවිධායකයින් ගත් මෙම තීරණය නිසා බස්නාහිර පළාත් කාන්තා කබඩි කණ්ඩායම මෙවර 42 වන ජාතික කී‍්‍රඩා උළෙලින් ඉවත් වීමට තීරණය කළත් පසුව යළි ඔවුන් තරග වැදීමට තීරණය කළේ සිය කිරුළ රැක ගැනීමේ අරමුණීන්.

ඉකුත් වසර 3කදීම ඔවුන් ජාතික මහා කී‍්‍රඩා උළෙලේ කාන්තා කබඩි ශූරියන් බවට පත් වුණා.

මෙවර ජාතික මහා කී‍්‍රඩා උළෙල අහිමි වූ බස්නාහිර පළාතේ මධුෂානී චතුරිකා වසර 4ක්ම කබඩි දක්ෂතම කී‍්‍රඩිකාව ලෙසද සම්මාන දිනා තිබෙනවා

14466916_10210816497194821_2060208591_o 14543623_10210816497674833_17720058_n