Sunday, December 22, 2024

General line - 0115112241

රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු රෝහලේ




ඇඹිලිපිටිය මොරකැටිය නවයේ ඇළ ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 13 හි 14 යන වයස් සීමාවල පසුවන සිසුන් දෙදෙනෙක්.

ඔවුන් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කෙරුණා. ඉන් එක් සිසුවෙකුගේ තත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

වැලි පැට වූ ටිපර් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.

නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කළේ තුවාල ලැබූ සිසුන් යතුරු පැදියේ ගමන් ගත් අය බවයි. සිද්ධියට සම්බන්ධ ටිපර් රථය සහ එහි රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.