Sunday, November 24, 2024

General line - 0115112241

සිංහයෝ පළමු ජය ලබයි – දිමුත්ගෙන් සුපිරි ශතකයක් – තිරිමාන්න නැවතත් අසාර්ථකයි!




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම හා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වුණු පළමු සිව්දින ක්‍රිකට් තරඟය කඩුලු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් වුණා.

තරඟය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදියි.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 276ක් ලබාගත්තා.

කොදෙව්වන් වෙනුවෙන් නායක ෂාමා බෘක්ස් ලකුණු 65ක්ද,විෂාඋල් සින්ග් ලකුණු 96ක්ද ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී අසේල ගුණරත්න ලකුණු 27කට කඩුලු 3ක් හා චරිත් අසලංක,අසිත ප්‍රනාන්දු අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

අනතුරු සිය පළමු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 386ක් ලබාගත්තා

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 131 රැස්කරමින් ශතකයක් වාර්තා කළා.

කොදෙව්වන් වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නියැලුණු රකීම් කෝන්වොල් ලකුණු 108කට කඩුලු 08ක් දවා ගත්තා.

ශ්‍රී ලංකා ඒ පිලට වඩා ලකුණු 110 පිටුපසින් සිය දෙවන ඉනිම ඇරඹු කොදෙව් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 175ක් පමණයි.

අනතුරුව තරඟය ජය ගැනීම සඳහා ලකුණු 65ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී තිබියදී එම ඉලක්කය සම්පූර්ණ කළා.

කලකට පසු ශ්‍රී ලංකා සංචිතයකට එක්වූ ළහිරු තිරිමාන්නට මෙම තරඟයේදීද සුවිශේෂි දක්ෂතා දැක්වීමට නොහැකි වූ අතර පළමු ඉනිමේ ලකුණු 3කටද,දෙවන ඉනිමේ ලකුණු 21කටද ඔහු දැවී ගියා.

ශ්‍රී ලංකාවේදී රෝස පැහැති පන්දුවකින් ක්‍රීඩකල පළමු තරඟය ලෙසද මෙම තරඟය ඉතිහාසයට එක්වුණා.

1

2

3

4