විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමේ වාචික සැසි අද සිට ආරම්භ වනවා.
අද සිට පළාත් මට්ටමින් මහජන අදහස් විමසීමේ වාචික සැසි 09ක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ.
ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද මහනුවරදී පැවැත්වීමට නියමිතයි.
මහජන අදහස් විමසීමේ වාචික සැසි වාර ජනවාරි මස 10 වනදායින් අවසන් වනවා.
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාවලියට අදාළව ලිඛිත අදහස් විමසීම ඉකුත් 17 වනදායින් ආරම්භ වුණා.
ලිඛිත හා වාචික අදහස් විමසීමෙන් අනතුරුව විදුලි ගාස්තු යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ අවසන් තීන්දුව එළඹෙන ජනවාරි මස 17 වනදා ප්රකාශයට පත් කිරීමට නියමිතයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රළපනාව මහතා පැවසුවේ මහජන අදහස් විමසීමේ අවසන් දිනයේදී තමන්ද ඊට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වන බවයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ දීර්ඝකාලීන ජනන සැලැස්ම සම්බන්ධයෙන්ද ඉදිරියේදී සිය යෝජනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි ආචාර්ය විදුර රළපනාව මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.
එහිදී පුනර්ජනනීය බලශක්ති ප්රභවයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.