Monday, September 23, 2024

General line - 0115112241

ගමට යන්න ජනතාවගේ දුක බලන්න – ජනපතිගෙන් ඇමතිවරුන්ට නියෝගයක්




වියළි කාලගුණයත් සමග පානීය ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීමට දේශපාලනඥයින් ගම්මානවලට යා යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔවුන්ගේ දෛනික ජීවිතයේ ගැටලූ සොයා බලා ඒවාට විසඳුම් ලබාදීම සියලූ මහජන නියෝජිතයින්ගේ වගකීම බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඒ, ඊයේ (11) පස්වරුවේ හම්බන්තොට පැවති උත්සවයක් අමතමින්.

ආණ්ඩුවට එල්ල වන විවිධ චෝදනාවලට ද ජනාධිපතිවරයා මෙලෙස ප‍්‍රතිචාර දැක්වූවා. “රට කඩනව කියනව. බෙදනව කියනව. බුද්ධාගමට තියෙන තැන නැතිකරනව කියනව. හමුදාව දුරවල කරනව කියනව. රට ඉන්දියාවට අමෙරිකාවට පාවා දෙනව කියනව. මම මෙතනට ආවෙ ඒ කිසිවක් කරන්න නෙවෙයි. ඒ සියල්ල තිබුනණාටත් වඩා ශක්තිමත් කරන්නයි මම ආවෙ.“

ජනතාවට ඉටුවිය යුතු යුතුකම් නිසි ලෙස ඉටු කිරීම දේශපාලනඥයාගේ වගකීම බව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.