Monday, September 23, 2024

General line - 0115112241

‘‘සිංහල භාෂාව හා සාහිත්‍ය’’ වළ පල්ලට?




2019 වසරේදී උසස් පෙළ සිංහල විෂය සඳහා හඳුන්වා දීමට නියමිත නව විෂය නිර්දේශය පිළිබඳ ගැටලූ රැසක් පැනනැගී ඇතැයි ප‍්‍රවීණයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ සිසුන්ට දරාගත නොහැකි තරමේ විෂය කරුණු රැසක් ඊට ඇතුළත් කිරීමේ සූදානමක් පවතින බවයි. මේ සම්බන්ධයෙන් උසස් පෙළ සිංහල ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මෙලෙස අදහස් පළ කළා.

“මට හිතෙනව පෞද්ගලිකව සිංහල විෂය විනාශ කිරීමේ සහ මෙතනින් එහාට සිංහල විෂයට ළමයින්ට හැදෑරීමට තියෙන උවමනාව කප්පාදු කිරීමේ ක්‍රියාවලියක් මේ වෙන්නෙ“

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ජාතික අධ්‍යාපන ආයතනයෙන් ද විමසීමක් කළා. එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ 2019 වසරේදී උසස් පෙළ සිංහල සඳහා හඳුන්වා දීමට නියමිත නව විෂය නිර්දේශය සම්බන්ධයෙන් මේ වන විට සිදුකෙරෙන්නේ මූලික කටයුතු පමණක් බවයි. ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවත්, එල්ල වන චෝදනා පිළිබඳ සොයා බලන බවත් ඔහු කියා සිටියා.