Monday, September 23, 2024

General line - 0115112241

නව ව්‍යවස්ථාවෙන් සංහිදියාවට බාධාවක් ?




නව ව්‍යවස්ථාවෙන් ජාතීන් අතර වෛරයක් ගොඩනැගෙන්නේ නම් එය සංහිඳියාවට බාධාවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ මඩකලපුවේ පැවති උත්සවයකට ඊයේ (11) පස්වරුවේ එක්වෙමින්.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයා මෙලෙස අදහස් පළ කළා.

“ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තිබුණෙ ත්‍රස්තවාදීන්ට. ඒ යටතෙ අල්ලගත්ත අය 12500ක් පුනුරුත්තාපනය කරල නිදහස් කළා. දැන් මේ පනතෙන් අත්අඩංගුවට ගන්නෙ හමුදාවෙ නිලධාරීන්, පිල්යාන් මහත්තය. ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිල්ල මහ ඇමතිවරයෙක් වෙච්ච පිල්ලයාන් අද නැවත ත්‍රස්තවාදී පනත යටතේ හිරබත් කනව. අනිත් පැත්තෙන් ත්‍රස්තවාදී කටයුතු කරපු අය නිදහසේ එළියට ඇවිත් තියෙනව.“

ඉකුත් ජනාධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා මඩකලපුවට පැමිණි පළමු අවස්ථාව මෙය බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.